තිස්සගේ ‘නොකියූ කතා’ ජනපතිට
Wednesday, 09 December 2020 - 8:15 | Views - 312
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් රචිත නොකියූ කතා සහ තිස්ස යන ග්රන්ථ ද්විත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ සුවදුක් විමසීමට ගොස් තිබෙනවා.
ඊට කෘතගුණ දක්වනු පිණිස විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් නොකියූ කතා සහ තිස්ස යන ග්රන්ථ ද්විත්වය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Share This Article