එක්සත් රාජධානියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් පළමු තැනැත්තිය
Tuesday, 08 December 2020 - 14:25 | Views - 194
ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් පළමු තැනැත්තා බවට පත්වීමට එක්සත් රාජධානියේ 90 හැවිරිදි මිත්තණියක් සමත්වුවාය.
එංගලන්තයේ කොවෙන්ට්‍රි නගරයේ පදිංචිකාරිනියක වන මාග්‍රට් කීනන්ට මෙලෙස මුල්ම කොවිඩ්-19 එන්නත ලබාදුන් අතර ඇයගේ 91 වැනි උපන්දිනය ලබන සතියට යෙදී තිබේ.
එක්සත් රාජධානිය එරට ජාතික සෞඛ්‍ය සේවය හා එක්ව එරට විශාලතම සහ ඓතිහාසික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර එරට වේලාවෙන් අද (8) උදෑසන 8ට මුල්ම එන්නත ලබාදෙන ලදි.
Share This Article