සිය බිරිඳ වූ නිසංසලාට උදලු බඳෙන් ගසා, සැමියා ගෙදරින් පනී - පහර කෑ බිරිඳ හලාවත රෝහලේදී අවසන් ගමන් යයි
Tuesday, 08 December 2020 - 14:16 | Views - 526
සිය ස්වාමියාගෙන් උදලු බඳ ප්‍රහාරයක් කෑ බිරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (07දා) අලුයම මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.
 
මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම මණ්ඩලාන ප්‍රදේශයේ පදිංචි නිසංසලා සරෝජනී නමැති 38 හැවිරිදි තිදරු මවකි.

ප්‍රහාරය එල්ල කළ බව පැවසෙන මරණකාරියගේ ස්වාමියා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
 
මෙම ඝාතනය සඳහා ඝාතකයා උදලු බඳක් උපයෝගී කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
 
මෙම පහරදීම පිළිබඳව 119 ඔස්සේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ හලාවත පොලිසිය එම ස්ථානයට පැමිණ 1990 ගිලන් රථය එම ස්ථානයට ගෙන්වා ලේ විලක වැටී සිටි තුවාලකාරිය හලාවත රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
 
මරණකාරියට අවුරුදු 20, 18 සහ 14 වයසේ දරුවන් තිදෙනකු ඇති අතර එක් දරුවකු පාසල් යන බව පැවැසේ. දරුවන් පවසන අන්දමට දෙදෙනා අතර බහින්බස් වීමකින් අනතුරුව මෙසේ උදලු බඳෙන් මවට තම පියා විසින් පහර දී ඇති බව පොලිසියට පවසා ඇත.
 
බරපතළ තුවාල ලබා සිටි ඇය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මරණයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණය සම්බන්ධයෙන් ඊයේ (07දා) ස්ථානීය පරීක්ෂණයක් සිද්ධිය සිදුවූ ස්ථානයේදී සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
 
ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
 
පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 
වීහේණ අනුරාධ
මව්බිම පුවත්පතෙන් උපුටා ගනු ලැබූවකි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top