මහමඟ අධික වේගයෙන් ගිය තවත් යතුරුපැදිකරුවන් විස්සක් අත්අඩංගුවට
Tuesday, 08 December 2020 - 14:00 | Views - 294
අධික වේගයකින් සහ විවිධ නළා භාවිත කරමින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිට දියත් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එමෙන්ම, එන්ජින් ධාරිතාව 450ට වැඩි යතුරුපැදි කිසිදු ආකාරයකින් ධාවනය සහ ලියාපදිංචි කළ නොහැකි බවත් එවැනි යතුරුපැදි විශේෂ අවස්ථාවන් හි පමණක් ධාවනය කිරීමට අවසර ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.  

පසුගියදා මොරටුව - එගොඩඋයන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ගැබිණි මවකට බරපතල තුවාල සිදුවූ රිය අනතුර හේතුවෙනුයි මෙලෙස අධික වේගයෙන් සහ අපරික්ෂාකාරී ලෙස ධාවනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.

ඒ අනුව මිරිහාන පොලිස් වසමට අයත් කිඹුලාවල ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ ද යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී යතුරුපැදි 24ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට  ගැනුනා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top