දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර, කොවිඩ් පැණිය නොමිලේ බෙදයි -15,000කට අධික පිරිසක් පෝලිමේ
Tuesday, 08 December 2020 - 12:15 | Views - 11,133
දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පවසනවා.
කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් මේවන විට පැමින ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.
අදාල ස්ථානයේ ඇතිව තිබෙන තදබදය පාලනය කිරීම සඳහා පොලිසියේ 120ක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙම දේශීය බෙහෙත නොමිලේ බෙදාදීම සිදුවන බවද අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
Share This Article