උතුරු කොරියාවේ ඒකාධිපතිවරයා ජනතාවට දිනපතාම අඬන්න නියෝග දෙයි
Tuesday, 08 December 2020 - 11:53 | Views - 230
උතුරු කොරියාවේ ඒකාධිපතියා වන කිම් ජොන්ව නොදන්නා කිසිවෙකු ලෝකයේ නොමැති තරම්... ලෝකයෙන්ම වසං වුනු උතුරු කොරියාව අතිශය රහසිගත රාජ්‍යයක් ලෙසයි බොහෝ දෙනා දැන හඳුනා ගන්නේ.
 
න්‍යෂ්ඨික ප්‍රහාරයන් අත්හදා බැලීමේ නිරත වන මේ ළාබාලතම ඒකාධිපතිවරයා ගැන, පසුගිය සමයේ විවිධ අන්දමේ කතා පැතිරුණා.

කොරෝනාව පැතිරීමත් සමඟ කිම් ජොන් තම සියලු දේශ සීමා වසා දැමුවා. එමෙන්ම දකුණු කොරියාව සමඟ තිබූ සබඳතා ද අත්හිටුවන්නට කටයුතු කළා.
 
උතුරු කොරියාවට ඇතුළුවීමට උත්සහ කරන ඕනෑම කෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන්නැයි ඔහු විසින් නියෝග කර තිබුණා.
 
පසුගිය සැප්තැම්බර් මසදී දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට පැමිණි නාවික නිලධාරියෙකුටද උතුරු කොරියාව විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
 
කිම් ජොන්ගේ රාජ්‍යය ජනතාව "වහලුන්" කරගෙන සිටිනවා පමණක් නොව, මෙම රාජ්‍යයේ සිදුවන බොහෝ අමානුෂික ක්‍රියාදාමයන් ලෝකයට නිරාවරණය වන්නෙ නැහැ.
 
කෙසේ වෙතත් මේ රටේ ජනතාව දිනපතා හඬන්නට පුරුදු වෙමින් සිටිනවා කියන කතාව ඔබට විශ්වාස කරන්න පුළුවන්ද?
 
ඇත්තටම ඔවුන් අඬා වැළපෙන්නේ ඇයි..?
 
හදිසියේ හෝ කිම් මිය ගියහොත්, මේ පුරුදු පුහුණු වීම් ගැන ජනතාවට පසුතැවෙන්න දෙයක් ඉතිරි වන්නෙ නැහැ. ඒ මොකද, මේක ඒ රටේ අනිවාර්ය අංගයක්............
 
යමෙකු මෙම චාරිත්‍රය ඉටු නොකළහොත් කිම් පවුලේ උදවිය විසින් දැඩි දඬුවම් පමුණුවනු ඇති. (මෙය ඔවුන් විසින් ජනතාවට දැනුම් දී ඇති බවයි වාර්තා පළ වන්නේ.)
 
2011 දී කිම්ගේ පියා කිම් ජෝන් ඉල්ගෙන් පසුවයි කිම් ජොන් එරට නායකත්වයට පත් වූයේ.
 
ඔහුගේ සීයා 1994 දී මිය ගිය අතර ඔහු උතුරු කොරියාවේ ආරම්භකයා හා පළමු නායකයා ලෙස හැඳින ගන්නවා.
 
සාමාන්‍යයෙන් එරටදී නායකයන්ගේ ඡායාරූප සෑම නිවසකම අනිවාර්ය වන අතර "නායකත්ව වන්දනය" සිදු කරනු ලබනවා. මීට හොඳම උදාහරණය වන්නේ කිම් පවුලේ පිළිම රටේ තැනිත් තැන පිහිටුවා ඒවාට වැඳ නමස්කාර කිරීමට ජනතාව පොළඹවා තිබීමයි.
 
කිම් ජොන් ඉල්ගේ මරණයෙන් පසු, ශෝක රැස්වීමේදී ප්‍රසිද්ධියේ වැළපීමට සහ හඬා වැටීමට ජනතාවට නියෝග කර ඇති බව සඳහන්.
 
එසේ හැඬීමට නොහැකි වූ තැනැත්තෙකු අතුරුදහන් කරවූ පුවතක්ද එරටින් වාර්තා වනවා. (මේ සියල්ල සැළ කරන්නේ ඩේලිමේල් වාර්තා.)
 
මෙම ශෝක රැස්වීම්වලට පැමිණෙන ජනයා තමන්ගේ ඉපැරණි නායකයාට ඇති ගෞරවය හඬමින් ප්‍රදර්ශන කළ යුතුයි.
 
නිසි ලෙස හඬා වැළපෙන්නෙ නැති අය සොයා බැලීමටද මෙහිදි නියෝග කර තිබුණා.
 
දින 10ක් මෙලෙස පැවති ශෝක සැසිවාරයකදි නියෝග කඩ කළ (හරියට අඬපු නැති අය) වහාම මාස 6ක කාලයක් සිරගත කළ යුතු බවටයි කිම් ජෝන් නියෝග කර ඇත්තේ.
 
අඩුවෙන් වැළපුනු අටත් මාස ගණනක් සිරබත් කෑමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම නව ජනපතිවරු පත් වීමෙන් පසු දින හතක් අඛණ්ඩව එම නව ජනපතිට සුබ පැතීමද අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙනවා.
 
මෙවැනි කුරිරු නීතිවලට බියෙන් එම රටේ ජනතාව නිතරම "අඬන්න" පුරුදු වෙන බවයි දැන ගන්න ලැබෙන්නේ.
 
By Lakshan
විදෙස් මාධ්‍ය ඇසුරිනි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top