ගවයින් පාරට ගෙනා විරෝධය
Tuesday, 08 December 2020 - 11:17 | Views - 312
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වන්යෝද්යානයේ පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව අනවසරයෙන් ඉඳි කර තිබු ගව මඩු සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් විසින් ඉවත් කිරීමට විරෝධය පලකරමින් ගවපට්ටි හිමියන් ඊයේ විරෝධතාවක නිරත වුණා.
ඔවුන් සිය ගවයන්ද රැගෙන තබාල නගරයේදී මාර්ගද අවහිර කිරීමට පියවර ගත්තා.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වන්යෝද්යානය ආශ්‍රිතව මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් උද්ඝතව තිබෙනවා.
එහි පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව ඉදි කර ඇති ගවමඩු කිහිපයක් ඉවත් කිරීමට සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් කටයුතු කළේ ඒවන් පසුබිමකයි. ඊට විරෝධය පල කරමින් ප්‍රදේශයේ ගව පට්ටි හිමියන් ගවයන්ද රැගෙන තබාල නගරයේ දී මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වුණා.
Share This Article