රජයේ ප්‍රථම සුළං බලාගාරය මන්නාරමේදී අද ජනතා අයිතියට
Tuesday, 08 December 2020 - 10:04 | Views - 534
මෙරට රජයට අයත් පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

මෙගාවොට් 100 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවයි සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.

මෙරට තුළ සුළං බලාගාර පැවතුණද ඒවා පෞද්ගලික අංශයට අයත් වන අතර, ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වනවා.

සුළං කුළුණු 33 කින් සමන්විත මෙම බලාගාරය හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගැනීමට වැයවන්නේ රුපියල් 10 කටත් වඩා අඩු මුදලක් බව සඳහන්.

අද ජනතා අයිතියට පත්වන මන්නාරම සුළං බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වූ සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top