රජයේ ප්‍රථම සුළං බලාගාරය මන්නාරමේදී අද ජනතා අයිතියට
Tuesday, 08 December 2020 - 10:04 | Views - 535
මෙරට රජයට අයත් පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.
මෙගාවොට් 100 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවයි සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.
මෙරට තුළ සුළං බලාගාර පැවතුණද ඒවා පෞද්ගලික අංශයට අයත් වන අතර, ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වනවා.
සුළං කුළුණු 33 කින් සමන්විත මෙම බලාගාරය හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගැනීමට වැයවන්නේ රුපියල් 10 කටත් වඩා අඩු මුදලක් බව සඳහන්.
අද ජනතා අයිතියට පත්වන මන්නාරම සුළං බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වූ සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Share This Article