මහර ගැටුමෙන් මියගිය හතක් හඳුනාගැනේ
Tuesday, 08 December 2020 - 8:14 | Views - 378
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් හත්දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉන් සිරුරු හතරක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර අවසන් බවයි.
කෙසේ වෙතත් එම සිරුරු ආදාහනය හෝ භූමදානය කිරීමක් සිදු නොකරන බවත්, ඒ සඳහා අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ඒවා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
Share This Article