දේශපාලන කොමිසමේ වාර්තාව ජනපතිට භාරදීම පෙරවරුවේ
Tuesday, 08 December 2020 - 8:10 | Views - 279
දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට නියමිතයි.
වෙළුම් තුනකින් යුත් මෙම වාර්තාව පිටු 2,000 කින් සමන්විත බව සඳහන්.
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසන් සභාව හමුවට ඉදිරිපත්වූ පැමිණිලි 198 කට අදාළ විමර්ශණ ඊට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය ජනවාරි මස 16 වන දා දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පැමිණිලි විභාගය ආරම්භ වූ අතර එහි සභාපතිත්වය දැරුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නයි.
Share This Article