ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් ඇදගෙන වැටෙයි
Monday, 07 December 2020 - 16:42 | Views - 266
කොරෝනා ව්‍යාප්තියත් සමඟ දැඩි බලපෑම් එල්ල වූ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තය පුරා පැතිර යන හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් 300 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙලෙස රෝහල් ගතකළ අයගෙන් වැඩි පිරිසක් කුඩා ළමයින් බවයි.
සිහිසුන්වීම සහ වමනය මෙම රෝගයේ ලක්ෂණ වනවා. මෙම තත්ත්වය කොරෝනා වෛරසයට සමාන නොවන බවයි වාර්තා වන්නේ.
මෙලෙස රෝහල් ගත කළ පුද්ගලයින් අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.
මෙම රෝගීන් අතරින් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනයවී නොමැති බවත් ඉන් 180 දෙනෙකු මේ වනවිට රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවත් ඉන්දිය මාධ්‍ය ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම පිරිස පානය කළ ජල සම්පාල මේ වනවිට පරීක්ෂා කිරීමට විද්‍යාගාර වෙත යවා ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇති බව ද සඳහන්.
Share This Article