රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Monday, 07 December 2020 - 16:37 | Views - 442
ඇඹිලිපිටිය - රත්නපුර ප්රධාන මාර්ගයේ 100 කණුව ප්රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථය අපරික්ෂාකාරී ලෙස අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී අද(07) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අවුරුදු 18 ක් පමණ වයසැති මියගිය තරුණයින් දෙදෙනා ඇඹිලිපිටිය - 98 ප්රදේශයේ පදිංචිකරුවන්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article