සී.අයි.ඩී.යේ 20කට කොරෝනා
Monday, 07 December 2020 - 13:36 | Views - 371
මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ස්ථාවර නියෝග විසි තුන දෙක යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මේ අතර ලබන වසරේ අයවැයට අදාළව පරිසර හා වනජීවි අමාත්‍යාංශවල වැය ශීර්ෂ මේ වනවිට විවාදයට ගැනෙමින් පවතිනවා.
Share This Article