මහනුවරින් වාර්තා වී ඇත්තේ එක් භූ චලනයක් පමණයි
Monday, 07 December 2020 - 12:52 | Views - 276
පෙරේදා දිනයේදී මහනුවර අවටින් සුළු භූ කම්පන හතරක් වාර්තාවී ඇති බවට ප්‍රකාශ වුවද ඉන් පොළොව අභ්‍යන්තරයෙන් සිදුවූ බවට වාර්තාවන්නේ එක් සුළු භූ කම්පනයක් පමණක් බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

මෙම භූ කම්පන පෙරේදා වාර්තා වූයේ මහනුවර - දිගන, අලුත්වත්ත සහ අඹකොටේ යන ප්‍රදේශවලින්.

ඉන් එක් කම්පනයක් පමණක් මහකනදරාව සහ පල්ලෙකැලේ භූකම්පන මධ්‍යස්ථානවල සටහන් වී තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ පෘථවි අභ්‍යන්තරයේ සිදුවන කම්පන සටහන් වන්නේ භූ කම්පන මධ්‍යස්ථානවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල පමණක් බවයි.

වික්ටෝරියා ජලාශයේ වේල්ලෙහි සවිකර තිබෙන සංවේදකවල පෘථිවි අභ්‍යන්තරයේ කම්පන සටහන් නොවන බව අදාළ නිවේදනයේ  සඳහන්.

කෙසේ වෙතත්, සෙසු කම්පන තුන වික්ටෝරියා  ජලාශයේ සංවේදකවල සටහන් වී තිබෙනවා.

එම නිසා  කම්පන පොළොව අභ්‍යන්තරයේ සිදුවූ ඒවා නොව, පෘථිවි පෘෂ්ඨය මත සිදුවූ කිසියම් කම්පන තත්වයක් නිසා ඇතිවිය හැකි ඒවා විය හැකි බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල සඳහන් කළේ.

කෙසේ වෙතත් වරින්වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තාවන සුළු භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා ලෙසට පරිසර අමාත්‍ය මහින්ද අමරවීරද අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මීට පෙර අවස්ථා හයකදී මහනුවර ප්‍රදේශයෙන් භූකම්පන වාර්තාවූ අතර, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් විද්වත් කමිටුවක් ද පත් කළා. එහි අඩංගු නිර්දේශ ද අනුව ඩොලමයිට් කැණීම් හා ඒ ආශ්‍රිතව සිදුවන පිපිරීම් පිළිබඳව ද අවදානය යොමු කරන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් මහනුවර ප්‍රදේශයේ වරින්වර හටගන්නා භූකම්පන සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top