ඉතාලියේ යළිත් කොරෝනා මරණ ඉහළට
Monday, 07 December 2020 - 12:32 | Views - 618
ලොව පුරා කොරෝනා ආසාදිතයින් හයකෝටි 73 ලක්ෂ 67,603ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15 ලක්ෂ 41,293ක් ලෙසයි. තවදුරටත් වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා.
ගත වූ පැය 24රේ ඇමරිකාවෙන් ආසාදිතයින් එක්ලක්ෂ 66,863ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්කෝටි 51 ලක්ෂ 52,536ක් ලෙසයි. දෛනික මරණ 1055ක් සමග එරට මුළු මරණ සංඛ්‍යාව දෙලක්ෂ 88,886ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම, ඉතාලියේ යළි කොවිඩ් මරණවල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ගත වූ පැය 24රේ එරටින් මරණ 564ක් වාර්තා වුණා.
Share This Article