නිරුවතින් නිවසට ඇතුල්වී කළ සොරකම CCTV කැමරාවෙන් මාට්ටු
Monday, 07 December 2020 - 10:18 | Views - 240
කුරුණෑගල තිත්තවැල්ල ප්රදේශයේ නිවසකට (06) දින අලුයම 4.30 ට පමණ පුද්ගලයෙකු ඇතුලුවී දේපළ සොරාගෙන ගොස් ඇති බව කුරුණෑගල පොලිසියෙන් වාර්තාවනවා.
නිවසට ඇතුලුවන පුද්ගලයා ගේට්ටුවකින් පැන කම්බි වැටකින් රිංගා උදැල්ලක් බිත්තියට හේත්තුකර පොල් පිහියකින් ජනෙල් පියනක් ඇර නිවස තුලට ඇතුලුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ නිළ සුනඛ අංශයේ සුනඛයන්ද ගෙන්වා පරීක්ෂණ පැවැත්වූ අතර කුරුණෑගල පොලිසියේ ඇගිලි සළකුණු අංශයද මේ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.
නිවසට ඇතුලුවන සැකකරු නිරුවත්ව නිවසට ඇතුලුවන අයුරු CCTV වල ඇතුලත්.
කුරුණෑගල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article