මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය තිදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද
Monday, 07 December 2020 - 10:04 | Views - 333
මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ මෙලෙස හඳුනා ගත් 3 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකෙරෙන බවයි.
4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ දැනට සිදුකර තිබෙනවා. මිය ගිය ඉතිරි සිව් දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ හෝ ඇගිලි සලකුණු පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article