මහර බන්ධනාගාරයේ සිද්ධියේ අලාභය රුපියල් මිලියන 100ක්?
Monday, 07 December 2020 - 8:25 | Views - 306
මහර බන්ධනාගාරයේ ගැටුමත් සමඟ රැඳවියන් එහි ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීම හේතුවෙන් රුපියල් මිලියන 100කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි අපේක්ෂා කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

අවශ්‍ය ලිපි ලේඛන රැසක් ද ගින්නෙන් විනාශ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තත්සේරු වාර්තාවක් මේ වන විටත් සකස් කරමින් පවතිනවා. බන්ධනාගාර ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු මියගිය අතර ඥාතීන් විසින් 08 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මියගිය පිරිසෙන් 8 දෙනෙකුම කොවිඞ් ආසාදිතයින් බවට මීට පෙර තහවුරු වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙම මළ සිරුරුවලට කුමක් කරන්නේ ද යන්න පිළිබදව විමසීම සඳහා අධිකරණයට යන බවයි.

එමෙන්ම, තවත් එක් රැදවියෙකු රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, මෙම ගැටුම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top