ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට
Monday, 07 December 2020 - 8:21 | Views - 561
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මෙතෙක් පැවති හුදෙකලා තත්ත්වය අද අලුයම 5 සිට ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ - බ්ලූමැන්ඩල් පොලිස් බල ප්‍රදේශය සහ වැල්ලම්පිටිය - විජයපුර ග්‍රාම නිලධාරී වසම අද අලුයම පහේ සිට මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් වනු ඇති.

මීට අමතරව ගම්පහ - වත්තල පොලිස් බල ප්‍රදේශයේ, කෙළවරපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශද හුදකලා බවින් නිදහස් කෙරුණා. පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගගබඩ, මීගහවත්ත, පට්ටිය - උතුර යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශ ද හුදකලා බවින් නිදහස් කිරීමටයි පියවර ගැනුණේ.

කැළණිය පොලිස් බල ප්‍රදේශයද අද අලුයම පහේ සිට හුදකලා බවින් ඉවත් කෙරෙනවා.  

අද උදෑසන පහේ සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගැනුණා. කොම්පඤ්ඤ වීථිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර එලෙස අලුතින් හුදකලා කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම ද මෙලෙස අලුතින් හුදකලා කෙරෙනු ඇති.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීථිය, වේල්ලවීථිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන පොලිස් වසම්වලට මෙන්ම කොම්පඤ්ඤ වීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් හුදකලා කර තිබෙනවා. එසේම මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටසද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනු ඇති.

මේ අතර, අලුතින් හුදකලා කර ඇති ප්‍රදේශ හේතුවෙන් අද සිට හුණුපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකර ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මීට අමතරව මරදාන, දෙමටගොඩ, කැළණිය හා බේස්ලයින් පාර යන දුම්රිය ස්ථානවල ද තවදුරටත් දුම්රිය නතර කෙරෙන්නේ නැහැ.  

එමෙන්ම තවදුරටත්  හුදෙකලා කරන ලද බණ්ඩාරගම - අටළුගම - බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක දී සිය සහෝදරිය විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ද ඊයේ වාර්තා වුණා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 31 හැවිරිදි අයෙකු වන අතර, දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් ඊට හේතු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top