පොලිස් වසම් කිහිපයක් හෙට අලුයම හුදකලා බවින් නිදහස් වෙයි
Sunday, 06 December 2020 - 12:38 | Views - 794
කොරෝනා ව්‍යාප්තිය හමුවේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිතය පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලුමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසමේ සංචරණ සීමා ඉවත් කරන බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, මෝදර, කොටහේන, ග්‍රෑන්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කර ඇති බව යුදහමුදාපතිවරයා කියා සිටියා.

එමෙන්ම කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල යන ග්‍රාම නිලධාරීන් වසම් ද හුදකලා කර තිබෙනවා.

තව ද ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය සහ මට්ටකුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස යන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top