හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වූ ඉවංකා ට්‍රම්ප්ට විරුද්ධව මූල්‍ය අක්‍රමිකතා චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.
ඇය ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස කටයුතු කළ අතර 2017 අවුරුද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කළ ප්‍රධානම චරිතයයි.
ඉවංකා ට්‍රම්ප් එම උත්ස්වය සංවිධානය කිරීමේදී රාජ්‍ය යාන්ත්‍රණය සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදු ව ඇති බැවින් ඇයට විරුද්ධව මේවන විට නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වොෂින්ටන් දිස්ත්‍රික්ක නීතිපති කාර්යාලය කටයුතු කරගෙන යන බව වාර්තාවෙනවා.
කෙසේවෙතත් ඩොනල් ට්‍රම්ප්, සිය පාර්ශවයේ කිසිදු අයෙකුට මෙසේ චෝදනා එල්ල වීම වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. නමුත් එය සාර්ථක වන ආකාරයක් පෙන්නුම් කරන්නේ නැහැ.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි....

