ලොව පුරා තාරකා විද්‍යාවට උනන්දු සියලු දෙනා ශෝකයට පත් කරමින් Arecibo දුරේක්ෂය කඩා වැටෙයි -[Photos]
ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමට අයිති, Puerto Rico දූපතේ ඇති මෙම ඇරිසීබෝ නිරීක්ෂණාගාරයේ මීටර් 305 ක විෂ්කම්භය ඇති රේඩාර් පහසුකම ඇති රේඩියෝ ඇන්ටනාව භාවිතා කරනු ලැබුවේ 1963 සිටයි.
රේඩියෝ දුරේක්ෂයක් ලෙස භාවිතා කිරීමට අමතරව පෘථිවියට තර්ජනයක් විය හැකි ග්‍රහක විශාල ප්‍රමාණයක ගමන් මාර්ගය සූක්ෂමව තීරණය කිරීමට ඇරිසීබෝ උපකාර කර ඇත. 2016 දී චීනයේ FAST නමින් මීටර් 500 ක රේඩියෝ ඇන්ටනාවක් භාවිතයට එක් කළ නමුත් එහි රේඩාර් පහසුකම ඇත්තේ නැත. ඒ් නිසා මෑතක් වන තුරුම ලොව බලවත්ම රේඩාර් පද්ධතිය වූයේ ඇරිසීබෝයි.
මෙය මිහිමත තිබෙන තීක්ෂණ දූරේක්ෂයක් ලෙස හැඳින්විය හැක.
ඇරිසීබෝ ඇන්ටනාවේ ටොන් 900 ක් බරැති රේඩියෝ ග්‍රාහකය හා රේඩාර් සම්ප්‍රේෂක උපකරණ කේබල් මගින් ඇන්ටනාවට ඉහළින් එල්ලා ඇත.
අගෝස්තු මස මෙහි එක් කේබල් එකක් කැඩී ගිය අතර නොවැම්බර් මස තවත් කේබල් එකක් කැඩී ගොස් ඇත. මේ නිසා ඉහළින් එල්ලා තිබූ උපකරණවල රඳා පැවැත්ම ප්‍රශ්නයක් වූ අතර අවසානයේ පෙරේදා (1) වසර 57 ක කාර්යභාර්ය අවසාන කරමින්, ඉතිරි කේබල් කිහිපයත් කැඩී ඉහළින් එල්ලා තිබූ උපකරණ ඇන්ටනාව මතට වැටී ඇන්ටනාව විනාශ වූයේ ලොව පුරා තාරකා විද්‍යාවට උනන්දු සියලු දෙනා ශෝකයට පත් කරමිනි.
මේ නිසා දැන් ග්‍රහක පිළිබද සොයා බැලීමට ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ ගෝල්ඩ්ස්ටෝන් මධ්‍යස්ථානයේ ඇති මීටර් 70 ඇන්ටනාවයි. මේ නිසා දැන් පෘථිවියේ ග්‍රහ ආරක්ෂක රේඩාර් පද්ධතියේ බලය අර්ධයක් පමණ වී ඇත. මෙය තවත් ආකාශ වස්තු පරීක්ෂණාගාරයක අවසානයක් ලෙස හැඳින්විය හැක.
උපුටාගැනීම අන්තර්ජාලයෙනි..
