ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය මෙන්න
Friday, 04 December 2020 - 14:28 | Views - 397
“බුරවි” සුළි කුණාටුව  ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (04) පෙ.ව  05.30 වන විට මන්නාරමට  කි.මී. 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුනි.

හෙට දින (05) උදෑසන කාලය වනතුරු පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත්  ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

වැසි තත්ත්වය:   

පුත්තලම සිට  මන්නාරම සහ කන්කසන්තුරය හරහා  ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද  ඇතිවිය හැක.  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

සුළඟ:

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය  හරහා  මුලතිව්  දක්වා  වන මුහුදු ප්‍රදේශවල  සුළං නිරිත සිට ගිනිකොණ දක්වා දිශාවලින්  හමන අතර  සුළගේ වේගය පැ.කි.මී. (50-60) පමණ වේ.  විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩිවිය හැක.  
පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමන අතර  සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.  විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැක.    

සෙසු මුහුදු ප්‍රදේශවල  සුළං දකුණ සිට  ගිනිකොණ දක්වා දිශාවලින්  හමන අතර  සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.  

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට  ඉතා රළු  විය හැක.  
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top