ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය මෙන්න
Friday, 04 December 2020 - 14:28 | Views - 398

“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (04) පෙ.ව 05.30 වන විට මන්නාරමට කි.මී. 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුනි.
හෙට දින (05) උදෑසන කාලය වනතුරු පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල තවදුරටත් ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.
වැසි තත්ත්වය:
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්රිකුණාමලය දක්වා වන මුහුදු ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම මුහුදු ප්රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇතිවිය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
සුළඟ:
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්රදේශවල සුළං නිරිත සිට ගිනිකොණ දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (50-60) පමණ වේ. විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩිවිය හැක.
පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැක.
සෙසු මුහුදු ප්රදේශවල සුළං දකුණ සිට ගිනිකොණ දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
මුහුදේ ස්වභාවය:
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශ විටින් විට ඉතා රළු විය හැක.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැක.
Share This Article