මහර ගැටුම පාලනයට ගිය එස්.ටී.එෆ් ප්‍රධානියා ඇතුලු 150ක් ස්වයං නිරෝධායනයට
Friday, 04 December 2020 - 13:06 | Views - 481
මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරි සිදුවීම් පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව අද දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම බන්ධනාගාරයට යාමට නියමිතයි.

ඒ සිදුකරන විමර්ශනවලට අදාළව ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

ඊයේ සහ පෙරේදා දිනවල ද බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ඇතුළු 56 දෙනෙකුගෙන් අදාළ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ අදාළ සිද්ධියේදී බන්ධනාගාරයේ ගබඩා කර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඒ අදාළ පෙති පානය කිරීමෙන් බන්ධනාගාර රැඳවියන් ආවේගශීලි ලෙස හැසුරුනු බවට පළ කෙරෙන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහායි.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කැඳවා තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 150 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අතර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම, බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ මෙම නොසන්සුන්කාරි සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ඇතුළු 108 දෙනෙකු තුවාල ලැබූ අතර, රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අදාළ සිද්ධියේදී මියගිය රැඳවියන්ගේ දේහ නිරෝධායන නීතිවලට අනුව ආදාහනය කිරීම සම්බන්ධයෙන් සිරකරුවන් සුරැකීමේ සංවිධානයක් විසින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කරුණු දැක්වීම සඳහා පැමිණ නොසිටීම හේතුවෙන් එය දෙසැම්බර් 11 වනදා දක්වා කල් දමනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top