15හැවිරිදි දැරියක අඹුකමට ගත් 20හැවිරිදි තරුණයා රිමාන්ඩ්
Friday, 04 December 2020 - 12:49 | Views - 16,924

බාලවයස්කාර පාසල් සිසුවියක සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇය නිවෙසට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස කල්ගෙවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තරුණයකු මේ මස 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් රමිලා නදිෂානි මහත්මිය නියෝග කර තිබෙනවා.
පාසල් සිසුවිය දින 14ක් නිරෝධායනයට යොමු කරන ලෙස විනිසුරුවරිය තවදුරටත් නියෝග කර ඇත. සැකකාර 20 හැවිරිදි තරුණයා අනුරාධපුර තරියන්කුලම ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු දින කිහිපයකට ඉහතදී වයස අවුරුදු 15 මාස හයක් වයසැති පාසල් සිසුවියගේ නිවසට ගොස් තිබෙන බවත්, ඇය නැන්දාගේ නිවසට යන බව පවසමින් පිටවී තරුණයා සමඟ අනුරාධපුරයට පැමිණ තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.
ඔහු පාසල් දැරියත් සමඟ මාස කිහිපයක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වා තිබෙන බවත් පසුව දෙදෙනා අඹුසැමියන් ලෙස ජීවත්වීමට අනුරාධපුරයට පැමිණ තිබෙනවා.
පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ලබාගත් වෛද්‍ය වාර්තාවේ ඇය කෙලෙසී ඇති බව තහවුරු වී ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.
පොලිස් භාරයට ගත් පාසල් දැරිය අනුරාධපුර ළමා නිවාසයක රඳවා තැබීමට පෙර ඇය දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සඳහා යොමුකරන ලෙසටත් විනිසුරුවරිය පොලිසියට නියෝග කර තිබෙනවා.
මව්බිම පුවත්පතෙනි...
Share This Article