සඳෙන් සාම්පල ලබාගත් චීන යානය සඳ පෘෂ්ඨයෙන් ඉහළට
Friday, 04 December 2020 - 10:43 | Views - 328
චන්ද්‍ර සාම්පල ඉතා සාර්ථක ලෙස එකතු කරගත් චීන අභ්‍යවකාශ යානය ඊයේ (03) දිනයේ අග භාගයේදී සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.

ඒ අනුව වෙනත් ග්‍රහලේකයක සිට ගුවන් ගත වූ පළමු චීන අභ්‍යවකාශ යානය බවටද මෙය නියෝජනය කරයි.

ඕබිටර්, ලෑන්ඩර්, ඇසෙන්ඩර් සහ රිටර්නර් ලෙස යානා පද්ධතියකින් සමන්විත චීනයේ චැන්ග් -5 අභ්‍යවකාශ චන්ද්‍රිකා මෙහෙයුම නොවැම්බර් 24 වැනි දින දියත් කරන ලද අතර එහි ලෑන්ඩර්-ඇසෙන්ඩර් යානා දෙසැම්බර් 01දා සඳ පෘෂ්ඨය මතට පැමිණුනි.

සාම්පල එකතු කර මුද්‍රා තැබීමෙන් පසුව, චැන්ග් -5 හි ඇසෙන්ඩර් යානය චන්ද්‍ර පෘෂ්ඨයෙන් ඉවත් වූ අතර, එය චන්ද්‍ර කක්ෂයේ ඇති රිටර්නර් යානය හෙවත් නැවත පෘථිවිය බලා පැමිණෙන යානය සමග සම්බන්ධ වීම පෙර නොවූවිරූ ජයග්‍රහණයක් බව කියැවෙයි.

චැන්ග්-5 යනු චීන අභ්‍යවකාශ ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ හා අභියෝගාත්මක මෙහෙයුම්වලින් එකක් වන අතර වසර 40කට වැඩි කාලයක් තුළ ලොව ප්‍රථම සඳ නියැදි එකතු කිරීමේ මෙහෙයුමද වේ.

නරේන්ද්‍ර විශ්වජිත්
අද


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top