ලෝකය පුරා පැතිරී ඇති කොවිඩ් 19 වසංගතය නොමැති තැනක ජීවත්වීමට ඇත් නම් කොතරම් වාසනාවක් ද යන්න කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඔව්, එහෙම තැනකුත් තියෙනවා.
ලෝකයේ ශාන්තිකර සාගරයේ තමයි, වඩාත්ම හුදකලා දූපත් පිහිටා තිබෙන්නේ. මෙම දූපත්, අනෙකුත් රටවල්වලින් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි තනි කුඩා දූපත්. වෙනත් කිසිම රටක් එහි ආසන්නයේ නැහැ.
ඒ, ඇමරිකානු මහද්වීපයත්, ආසියානු මහද්වීපයත් අතර පිහිටා තිබෙන හවායි දූපතට කිලෝමීටර 1300ක් වයඹින් පිහිටි කුරේ ඇටොල් දූපතයි. මෙය ඉතා කූඩා දූපතක්. දිගින් කිලෝමීටර් 06ක් පමණ වෙනවා. දූපත වටා කොරල්පර වලින් පිරි තිබෙනවා.
මෙහි කිසිම මනුෂ්‍ය වාසයක් නැහැ. මෙය අභය භූමියක්. නමුත්, මෙම අභයභූමියේ මාස 7ක් 8ක් පමණ සේවය කිරීම සඳහා පරීක්ෂකවරු යනවා.
එම දූපතේ මෙතෙක් කල් හිටපු පරීක්ෂක පිරිස එහි අවුරුද්දක් පමණ කල් ගත කර තිබෙනවා. ඔවුන් වර්තමාන ලෝකයේ සිදුවන කිසිදු දෙයක් දන්නේ නැහැ. මෙම දූපතේ සන්නිවේදන කටයුතු සිදුකිරීමට ද නොහැකි.
විශේෂ සංඥා ක්‍රමයක් යටතේ ලබා දී ඇති ඊමේල් ගණුදෙනුවක් පමණක් මෙහි ක්‍රියාත්මක වෙනවා.
කෙසේවෙතත් මෙම කණ්ඩායම තම සේවය නිමවා යළි ඇමරිකාවට පැමිණ තිබෙනවා. ඔවුන් රටට පැමිණෙන විට සියල්ල වෙනස් වී තිබෙනවා. දූපතට යද්දි තිබු වාතාරණය කණපිට හැරී ගොස්ය.
කෙසේනමුත් කොරෝනා වසංගතය කෙසේවත් පැතීරීමට නොහැකි මෙවැනි ස්ථානද පෘතුවියේ තිබීම විශේෂත්වයක්.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි.....
![Фото и картинки [9] (148/534) [Форумы Balancer.Ru]](https://www.balancer.ru/sites/com/go/googleapis/storage/com/panoramio/static/photos/original/67965467.jpg)



