ප්‍රංශයේ සැමට කොරෝනා එන්නත් නොමිලේ
Friday, 04 December 2020 - 10:21 | Views - 486
කොවිඩ් 19 නිවාරණ එන්නත්, සියලුම ප්‍රංශ වැසියන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් ප්‍රකාශ කළා.
ඒ සඳහා ඉදිරි වසරේ සමාජ ආරක්ෂණ අයවැය යොදා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රංශයේ මෙම එන්නත් වැඩසටහන සඳහා යුරෝ බිලියන 1.5 ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ නමුත්, කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය නොකරන බවයි සිය අමාත්‍ය මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
ප්‍රංශයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2,257,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 54,140 ක්.
Share This Article