විදේශයන්වල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු දිවයිනට
Friday, 04 December 2020 - 10:18 | Views - 443
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු මත්තල සහ කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණියා. එලෙස පැමිණි පිරිස අතර, ශ්‍රී ලාංකිකයින් 294 දෙනෙකු අද අලුයම පැමිණ ඇත්තේ මත්තල ගුවන්තොටුපල හරහායි.
එමෙන්ම, කටුනායක ගුවන්තොටුපලෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු, කටාර්හි සිට 45 දෙනෙකු සහ ජපානයේ සිට 7 දෙනෙකු පැමිණ තිබෙනවා.
එසේම, විදේශ රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු පිටව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article