මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 26,000 ඉක්මවයි
Friday, 04 December 2020 - 9:15 | Views - 376

නව ආසාදිතයින් 627 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 26,038ක් ලෙසයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,488 ක්.
මේ වනවිට, දිවයිනේ රෝහල් රැසක කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 6,877ක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වී සුවය ලැබූ 728 දෙනෙකු රෝහල් වලින් නික්ම යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,032 ක් වනවා.
මේ අතර, ඊයේ දිනයේත් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගියේ අලුතින් වාර්තා වූ මරණ 05 ත් සමඟයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, හෘද රෝගයක් සහ දියවැඩියාව නිසා ඇති වූ සංකූලතා සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුව ලෙස සඳහන් වනවා.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොරෝනා ආසාදනය වීම සහ අධික රුධිර පීඩනය සමඟ මොලය අභ්‍යන්තරයට රුධිරය වහනය වීම හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද මියගොස් ඇති බව ඊයේ වාර්තා වුණා.
ඉන් එක් අයෙකු 85 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමත් සමඟ උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වූ සංකූලතාවලින්.
එම ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා 71 වන වියේ පසුවන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ හෘදයාබාධ තත්ත්වයක් ඇති වීමයි.
කොළඹ 02 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.
කොරෝනා නියුමෝනියාව සමඟ ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මන්‍යවීමක් එම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වෙන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පවතින කොරෝනා තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ විභාග සහ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග විධිමත් භාවයකින් තොර බවයි.
Share This Article