කොවිඩ් වසංගතය සොබාදහම අපට දුන්නු දඬුවමක් - හැරි කුමරු කියයි
Friday, 04 December 2020 - 9:06 | Views - 438
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පවසන්නේ කොවිඩ්-19 වසංගතය සොබාදහම විසින් මිනිසාට දුන් දඬුවමක් වැනි සිදුවීමක් බවය.

"එය හරියට සොබාදම් මාතාව අපව අපගේ කාමරවලට යවා ඇත්තේ අපගේ නරක හැසිරීම නිසා කියල, වසංගතය ආරම්භයේදීම කවුරුහරි මා සමග කීවා. ඒක ඇත්ත, සැබෑවටම මොහොතක් ගත කරමින් අප මෙතෙක් කලක් කළ දේ ගැන සිතා බලන්න" හැරී කුමරු නිකුත් කළ වීඩියෝ සාකච්ඡාවක දැක්වෙයි. "එය සෑම කෙනෙකුටම විශ්වීය වශයෙන් දුෂ්කර වසරක් වී තිබෙනවා" ඔහු පැවසීය.

"එය නිසැකවම මට මතක් කර දී ඇත්තේ, එය අප සැමට මතක් කර දී ඇත්තේ, මිනිසුන් වශයෙන් පමණක් නොවෙයි, සොබාදහම තුළින්ද අප සියල්ලන්ම කෙතරම් අන්තර් සම්බන්ධිතද යන්නයි. අප ඇයගෙන් බොහෝ දේ ලබා ගන්නවා, නමුත් අප බොහෝ දේ ආපසු ලබා දෙන්නේ කලාතුරකින්" හැරී කිවේය.

"අහසින් වැටෙන සෑම වැහි බිංදුවක්ම වියළි බිමට සහනය සලසනවා. අප සෑම කෙනෙකුටම වැහි බිංදුවක් වෙන්න පුළුවන් නම්, අප කරන දේ ගැන, අප කරන්නේ කුමක්ද යන්න ගැන, අප සෑම කෙනෙකුම ඉතා සැලකිලිමත් වන්නේ නම්, මොකද අප සැලකිලිමත් විය යුතු වන්නේ දවස අවසානයේදී සොබාදහම අපගේ ජීවන ප්‍රභවය වන නිසයි. මෙතනදි අප සියලු දෙනා බුද්ධිමත් විය යුතුයි. ඒ අධ්‍යාපනය ඒ දැනුවත්භාවය නඟා සිටුවීමට හා දිරිගැන්වීමට හැකි මාර්ගයක් සොයා ගත යුතුයි." හැරී කුමරු වැඩිදුරටත් කියා සිටියේය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top