සුළි කුණාටුවලට නම් තැබෙන්නේ මෙහෙමයි
Thursday, 03 December 2020 - 16:56 | Views - 966
ලෝකයේ ඇති වන සුළි සුළං විවිධ නම්වලින් හඳුන්වනු අප අසා දැක තිබේ.

එලෙස සුළි සුළංවලට නම් තැබෙන ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.

සුළි සුළං සහ සුළි කුණාටුවලට නම් තැබීමේ අරමුණ වන්නේ, එම සුළි සුළං තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අතර වැඩි අවධානයක් යොමු කරවීමය.

එමෙන් ම, සුළි සුළඟ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මෙන් ම මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබා දීමේදී සුළි සුළං සඳහා නමක් තැබීම අතිශය වැදගත් වේ.

ඒ අනුව, කලාපීය වශයෙන් ඇති වන සුළි සුළං සහ සුළි කුණාටු සඳහා නම් තැබීමේ වගකීම පැවරී ඇත්තේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කලාපීය විශේෂ කාලගුණික මධ්‍යස්ථානය (The Regional Specialized Meteorological Centre (RSMC) of Tropical Cyclones in  New Delhi ) වෙතය.

එම කාර්යාලයට කලාපීය රටවල් සුළි සුළං සඳහා යෝජිත නම් ලබා දී තිබේ.

ඒ අනුව, 2020 අප්‍රේල් මාසයේදී එම කාර්යාලය වෙත ලැබී ඇති යෝජිත නම් පහත පරිදිය.

ඒවා රටෙහි නම අකාරාදිය පිළිවෙළට සකසා අදාළ යෝජිත නම් ලැයිස්තුගත කර තිබේ.

No description available.

ඉහත නම් ලැයිස්තුවට අනුව නිවාර් සුළි කුණාටුවට පසු බුරවි යන නම යෙදී තිබුණු හෙයින් මෙවර ශ්‍රී ලංකාව හරහා හමා ගිය සුළි කුණාටුව බුරවි ලෙස නම් කෙරිණි.

බුරවි යන නම යෝජනා කරනු ලැබ ඇත්තේ, මාලදිවයින විසිනි.

මීළඟ සුළි සුළඟ මියන්මාරය විසින් යෝජනා කරන ලද Tauktae යන නමින් නම් කෙරෙනු ඇත.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top