‘බුරවී’ සුළි කුණාටුව දිවයිනෙන් තවදුරටත් ඉවතට
Thursday, 03 December 2020 - 15:57 | Views - 320
‘බුරවී’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේ මෙම පද්ධතිය සම්බන්ධයෙන් නිකුත් කරන අවසාන අවදානම් නිවේදනය නිකුත් කරමින්.
ඒ අනුව, කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට උදෑසන කාලය වනතුරු තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි අවවාද කෙරෙන්නේ.
සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ‘බුරවී’ සුළි කුණාටුවේ බලපෑමෙන් එක් අයෙකු අතුරුදන්ව පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
Share This Article