බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසාගනී
Thursday, 03 December 2020 - 15:54 | Views - 384
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුල දී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර  සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී අද (03) සිරුරු සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

තියුණු කැපුම් තුවාල ලබා නිවසේ කාමරයක ඇඳක් මත මිය ගොස් සිටි 38 හැවිරිදි තිදරු මවක් වූ ඉරේෂා ඉවන්ති කුමාරි සහ නිවසේ සාලයේ ගෙල වැලලාගෙන මිය ගොස් තිබු 43 හැවිරිදි ලියන ආරච්චිගේ ශාන්ති සුරංජිත් යන දෙදෙනා ගේ මළ සිරුරු පොලිසිය සොයා ගෙන තිබේ.

මිය ගොස් සිටින දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත්, ඔවුන් අතර වූ ආරවුලකදී දියණියන් දෙදෙනා සමග එම බිරිඳ ඇගේ මවගේ නිවසට ගොස් සිටි බවත්, සැමියා ඇයව එහි සිට සිය නිවසට රැගෙනවිත් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පැවත්වීමට නියමිතය.

ටෝනි කරුණානායක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top