නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කත පාර්ලිමේන්තුව අමතයි
නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත “වනූෂි වෝල්ටර්ස්“ පළමු වරට පාර්ලිමේන්තුව ඇමතුවා.
“ආයුබෝවන්“ ලෙස පවසමින් ආරම්භ කළ ඇයගේ කතාව අවසානයේදී ගැලරියේ සිටි පිරිසක් තම්මැට්ටම් සහ හක්ගෙඩි වාදනය කරමින් ඇයට ප්‍රශංසාව පළ කිරීම සුවිශේෂී වුණා.
වනුෂි වෝල්ටර්ස් උපත ලබන්නේ 1981 වසරේදී ශ්‍රී ලංකාවේදී.
කොළඹ නගරාධිපතිවරයෙකු වූ රත්නසෝති සරවණමුත්තු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක් වූ නායිසම් සරවණමුත්තුගේ මිනිබිරිය වන වනුෂි වෝල්ටර්ස් වයස අවුරුදු 5දී පමණ සිය මව්පියන් සමග නවසීලන්ත බලා පිටත්ව ගොස් තිබුණා.
එහිදී වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ ඇය මේවන විට නවසීලන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 39 හැවිරිදි තරුණ මන්ත්‍රිනියක් ලෙසින්.
සිය මංගල පාර්ලිමේන්තු කතාව සිදුකිරීමට ඇය පැමිණ තිබුණේ ශ්‍රී ලාංකිකත්වය ලොවට විදහාපාමින් සාරියකින් සැරසෙමින්.
සිය මංගල කතාව අවසානයේදී පාර්ලිමේන්තු ගැලරියේ සිටි පිරිස් තම්මැට්ටම් සහ හක්ගෙඩි වාදනය කරමින් ඇයට ප්‍රශංසාව පළකළේ මෙලෙසින්.
මේ මොහොත අද උදෑසන හැමදාම එළැඹෙන උදෑසනක් නෙවෙයි. ජීවිත කාලයටම වරක් නැගෙන උදෑසනක්. ඔබට අද නැවුම් ආරම්භයක් ලැබිලා තියෙනවා.
මැතිවරණ දින උදෑසන අපර් හාබර් මැතිවරණ කොට්ඨාසයේ පළමු කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය තේරී පත්වූ අවස්ථාව ඉතාම සුවිශේෂි. නමුත් මම නවසීලන්ත පාර්ලිමේන්තුවට එක්වුණු පළමු ශ්‍රී ලාංකිකයා නොවෙයි.
නවසීලන්ත පාර්ලිමේන්තු පුස්තකාලයේ වේගවත් සොයා ගැනීමට ස්තූති වන අතරම එම ගෞරවය හිමිවන්නේ ඇනේකින්ග්ටයි. කෙසේ වෙතත්, මම තමයි ශ්‍රී ලංකාවේ උපත ලබා නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජය කරන පළමු නියෝජිතවරිය.
යථාර්ථය දැන් මම ශ්‍රී ලාංකිකයෙක් පමණක් නෙවෙයි, නවසීලන්ත වැසියෙක්.
මගේ පවුල, නවසීලන්තයට ආවේ 1987 අවුරුද්දේ. මට මතකයි එක් උදෑසනක මගේ අම්මා රිචඩ් සොයිසා ගැන පැවසූ දේ. ඔහු මගේ පියාගේ සමීපතම ඥාතියෙක්. 1990 දී ඔහු ඝාතනය කෙරෙනවා පවතින රජය දැඩි ලෙස විවේචනය කළ නිසා.
එය තමයි මගේ අවුරුදු 27ක මානව හිමිකම් පිළිබඳ නීතිඥ වෘති කතාවේ ආරම්භය. මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් තවත් සිදුකළ යුතු බොහෝ දේවල් ලොවපුරා තවත් රටවල ඉතිරිව තිබෙනවා. මොකද මානව හිමිකම් සියල්ලන්ටම අයිති නිසා.