බුරවී සුළි කුණාටුව මන්නාරම සහ පුනරින් අතරින් දිවයිනෙන් ඉවතට
Thursday, 03 December 2020 - 14:38 | Views - 659
බුරවී සුළි කුණාටුව මේ වනවිට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළි කුණාටුව සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 90 ත් දක්වා ඉහළ යා හැකියි.
එමෙන්ම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හෙට සහ අනිද්දා දෙදින තුළ පවතින අතර, මේ හේතුවෙන් තවදුරටත් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.
Share This Article