නිරෝධායන නීති කැඩූ තවත් 25දෙනෙකු අත්අඩංගුවට
Thursday, 03 December 2020 - 10:32 | Views - 187
ගතවූ පය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 30වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදීත් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.
Share This Article