බුරවි සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් ඉවතට - යාපනයට මිලිමීටර් 226 ඉක්මවූ වර්ෂාපතනයක්
Thursday, 03 December 2020 - 10:15 | Views - 239
‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය ප්‍රදේශයට ගතවූ පැය 24ක කාලය තුළ මිලිමීටර් 226.4 ක වර්ෂාපතනයක් ඇද හැළුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.

මීට අමතරව ආලම්පිඞ්ඩි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවලටද මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන කියා සිටියේ.

‘බුරවි’ සුළි කුණාටුව අද දහවල් වනවිට මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ සමඟම සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ අංශවල අපේක්ෂාවයි.

කෙසේ නමුත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට එහිදී මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වන බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top