බුරවි සුළි කුණාටුවේ සෘජු බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි
Thursday, 03 December 2020 - 8:24 | Views - 581
බුරවි සුළි කුණාටුවේ සෘජු බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන වෙත එක්වෙමින්.
ඒ අනුව එම පද්ධතියේ දරුණු බව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඔහු එහිදී සඳහන් කළේ.
මෙම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි.
මේ අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුරවි සුළි කුණාටුව හේතුවෙන් මෙතෙක් දරුණු හානියක් සිදුව නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම සුළි කුණාටු තත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
Share This Article