මහර සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි රැඳවියෙකු පළා යයි
Thursday, 03 December 2020 - 8:14 | Views - 359
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඉන් පළාගොස් තිබෙනවා.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රි 09 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් ඇති බවයි.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
Share This Article