ජපානයේ සියලු වැසියන්ට කොවිඩ් එන්නත නොමිලේ
Wednesday, 02 December 2020 - 16:56 | Views - 820
ජපානයේ සියලු වැසියන්ට කොරෝනා වෛරස් එන්නත නොමිලේ ලබාදීම සඳහා එරට පාර්ලිමේන්තුව අද පනතක් සම්මත කර ගනු ලැබුවා.
මිලියන 126 ඉක්මවූ ජපානයේ සියලුම වැසියන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා වැය වන මුදල අනුමත කිරීමටයි අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් තිබුණේ.
ජපානය විසින් දැනටමත් ෆයිසර් කොවිඞ් එන්නත් මාත්‍රා මිලියන 60 ක් ඇණවුම් කර ඇති අතර, මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ද ඇණවුම් කර තිබෙනවා.
ඊට අමතරව, බ්‍රිතාන්‍ය , ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා- සෙනෙකා කොවිඞ් එන්නත් මාත්‍රා මිලියන 120 ක් ද ඉදිරියේදී ජපානයට ලැබීමට නියමිතයි.
ෆයිසර් සහ මොඩර්නා එන්නත් මේ වනවිට යුරෝපීය සහ ඇමෙරිකානු නියාමන අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර, බි්රතාන්ය රජය විසින් අද ෆයිසර් එන්නත පුළුල් භාවිතය සඳහා අවසරය ලබා දුන්නා.
Share This Article