ජපානයේ සියලු වැසියන්ට කොවිඩ් එන්නත නොමිලේ
Wednesday, 02 December 2020 - 16:56 | Views - 821
ජපානයේ සියලු වැසියන්ට කොරෝනා වෛරස් එන්නත නොමිලේ ලබාදීම සඳහා එරට පාර්ලිමේන්තුව අද පනතක් සම්මත කර ගනු ලැබුවා.

මිලියන 126 ඉක්මවූ ජපානයේ සියලුම වැසියන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා වැය වන මුදල අනුමත කිරීමටයි අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් තිබුණේ.

ජපානය විසින් දැනටමත් ෆයිසර් කොවිඞ් එන්නත් මාත්‍රා මිලියන 60 ක් ඇණවුම් කර ඇති අතර, මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ද ඇණවුම් කර තිබෙනවා.

ඊට අමතරව, බ්‍රිතාන්‍ය , ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා- සෙනෙකා කොවිඞ් එන්නත් මාත්‍රා මිලියන 120 ක් ද ඉදිරියේදී ජපානයට ලැබීමට නියමිතයි.

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මේ වනවිට යුරෝපීය සහ ඇමෙරිකානු නියාමන අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර, බි්‍රතාන්‍ය රජය විසින් අද ෆයිසර් එන්නත පුළුල් භාවිතය සඳහා අවසරය ලබා දුන්නා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top