ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක මූල්‍යාධාර
Wednesday, 02 December 2020 - 13:21 | Views - 304
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍යාධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.
විශේෂයෙන් කොවිඞ් 19 ගෝලීය වසංගතය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ දෙන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම මෙහි අරමුණ බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකා අධ්යක්ෂ චෙන් චෙන් ප්‍රකාශ කළේ.
දැනුම පදනම් වූ ආර්ථිකයක් උදෙසා මෙරට යොවුන් පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීමට මෙම මූල්‍යාධාරය තුළින් පිටුවහලක් ලැබෙනු ඇති බව ද ඔහු කියා සිටියා.
Share This Article