ලොව හුදෙකලා වූ හස්තියාට කාම්බෝජයෙන් මිතුරෙක්
Wednesday, 02 December 2020 - 12:16 | Views - 374
ලොව හුදෙකලාම හස්තියා ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ කාවන් පාකිස්තානයේ සිට කාම්බෝජයට රැගෙන ඒමෙන් පසු එම සත්වයා මුදාහරින වන අභය භූමිය වෙත රැගෙනවිත් තිබෙනවා.
එම මුළු ගමන පුරා කාවන් මුදා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ පොප් ගායිකා ෂර් ද එක්ව සිටීම විශේෂත්වයක්.
සියම් රීප් හි එම අභය භූමිය ආසන්නයේ තාවකාලික අනාථාගාරයක රැඳවූ කාවන්ට එහි නව අලි මිතුරෙකු හොඬවැල ස්පර්ශ කොට ආචාර කරන අයුරු මේ වනවිට සමාජ මාධ්‍යයේ පළ වනවා.
පාකිස්තාන සත්වෝද්‍යානයේදී විවිධ පීඩාවන්ට ලක්වූ කාවන් නව පරිසරය ගවේෂණය කරන අයුරුද සිත්ගන්නා සුළු දසුනක් වුණා. කාවන් එම පරිසරයට හුරුවීමෙන් පසු වන අභය භූමිය වෙත මුදාහැරීමට නියමිතයි.
එම වනාන්තරයේ තවත් ඇතින්නියන් තුන් දෙනෙකු සිටින අතර, කාවන්ගේ ජාන සංරක්ෂණය උදෙසා ඔවුන් සමඟ මුසුවනු ඇතැයි සත්වවේදීන් අපේක්ෂා කරනවා.
Share This Article