මහර බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමියි. - ආරක්ෂක ලේකම් පවසයි
Wednesday, 02 December 2020 - 9:45 | Views - 307
පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව විමසා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය. මෙම උපදේශක කාරක සභාවට තිහකට අධික මන්ත්‍රීවරයන් පිරිසක් ද සහභාගීව සිටිනු දක්නට ලැබිණි.

 මේ වන විට මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් 2500 ක් අතරින් ,  කොවිඩ් 19 වෛරසය ආසාදිත රැඳවියන්  189 ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති අතර ඇප ලබා සිටින 100 කට ආසන්න රැදවියන් ද  පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර නිවෙස් බලා යැවීමට කටයුතු  යොදා තිබෙන බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.

මහර බන්ධනාගාරයේ  ඖෂධ ගබඩාවේ ,මානසික ව්‍යාකූලතා සඳහා භාවිත කරන  වර්ග තුනක  ඖෂධ පෙති 21,000 ක් තිබී ඇති අතර  රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය  වෙනුවට  එම ඖෂධ පාවිච්චි කිරීමෙන් මෙම නොසන්සුන්කාරී වාතාවරණය  උද්ගත වන්නට ඇත්දැයි  සොයා බලමින් තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

අද (02) දිනය වනවිට මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නියාමකයන්ගේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ගැටලු සම්පූර්ණයෙන් නිරාකරණය කරන බවද ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top