කොරෝනා මරණ ආදාහනය අනිවාර්ය කිරීමට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Tuesday, 01 December 2020 - 15:28 | Views - 626
කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද වැඩිදුරටත් සලකා බැලීමෙන් අනතුරුවයි.
කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
Share This Article