කාන්තාරයක ඉදිකළ උසස් තත්ත්වයේ දුරේක්ෂයක් භාවිත කරමින් නව මන්දාකිණි (galaxies) මිලියන ගණනක් සිතියම්ගත කළ බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසති.
ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය (CSIRO) පැවසුවේ, සිය නවතම දුරේක්ෂය මගින් "විශ්වයේ නව සිතියම් පොතක්" නිර්මාණය කළ බවය.
එහි ඡායාරූප සහිතව මන්දාකිණි මිලියන තුනක් පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු ඇතුළත් වන බව පැවසේ.
තාරකා විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ, මෙම ඡායාරූප හරහා විශ්වය පිළිබඳ නව සොයාගැනීම් රැසකට මග පෑදෙනු ඇති බවටය.
මීට පෙර ආකාශ වස්තු පිළිබඳ සිතියම් සැකසීම සඳහා වසර ගණන් ගත වුව ද, මෙම සිතියම්ගත කිරීම සඳහා ගත වී ඇත්තේ පැය 300ක් වැනි අවම කාලයකි.
මව්බිම

