සුරූපී බෝනික්කෙකු හා විවාහ වුනු, සුපිරි කායවර්ධන ශිල්පියා -[Photos]
Tuesday, 01 December 2020 - 11:57 | Views - 2,615
මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්න පුළුවන්.
 
මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔව්... ඒක විශ්වාස කරන එක ටිකක් අපහසුයි නම් තමයි. හැබැයි ඒ විදිහේ මිනිස්සු ඉන්නවා. මේ බෝනික්කන් ඔවුන් කරකාර බඳින්නේ තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන්ම පමණක් නොවෙයි.
 
ඔවුන් තමයි මේ අයගේ හැමදේම. තමන්ගේ ආදරය.. දුක සතුට... හැමදේම ඔවුන් කියන්නෙ මේ හැඟීමක් නැති බෝනික්කෙකුට. ඒ නිසාමයි මේක තරමක් අසාමාන්‍ය කතාවක් වෙන්නෙ.
 
ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකෙක ඕවා මහා පුදුමසහගත දේවලුත් නෙවෙයි ඉතින්. CSI කියන රූපවාහිනි කතා මාලාවේ එක තැනක මේ විදිහේ මිල අධික "සිලිකන්" බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම Prison Break කියන කතා මාලාවේ යම් තැනකත් මෙවැනි "ලිංගික බෝනික්කන්" නැව් පටවගෙන යන හාදයෙක්ව අපිට මුණ ගැහෙනවා. හැබැයි මේ එක කතාවකවත් මේ සිදුවීම ලොකුවට විහිදෙන්නෙ නැහැ.
 
ඇත්තටම කාන්තාවක් වෙනුවට බෝනික්කෙක් කසාඳ බැඳගෙන ජීවිතේ ගෙවනවා කියන එක මහා අරුමයක්.
 
ඔවුන් මේ සහකාරිය සමඟ ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන්ව පිරිසිදු කිරීම්, කොණ්ඩා සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරෙකින් වගේම ආඩම්බරයකින්.
 
හොඳයි දැන් අපි මේ කියන්න හදන්නේ පහුගිය දවසක මේ විදිහේ "බෝනික්කෙක්"ව දෙනෝදාහක් ඉදිරියේ කරකාර බැඳගත්තූ පුද්ගලයෙකු ගැනයි.
 
ඔහු නමින් යූරි ටොලොච්කෝ. කසකස්ථානයේ කායවර්ධන ශිල්පියෙක් වන ඔහු මාස 18ක් තිස්සේ "මාගෝ" කියන ලිංගික බෝනික්කා එක්ක පෙම් සබඳතාවයක් පවත්වලා තියෙනවා.
 
ඔන්න ඔහු විවාහ මංගල්‍යයේ අපූරු වීඩියෝවකුත් ඔහුගේ ඉන්ස්ට්‍රග්රෑම් පිටුවට එකතු කරලා තිබුණා.
 
"මාගෝ" කියන්නේ ලිංගික බෝනික්කෙක් වුනත්, මේ කායවර්ධන ශිල්පියාට ඇය "ප්‍රාණය නැති තැනැත්තියක්" නම් නෙවෙයි. ඔහු ඇයට සලකන්නේ සැබෑ කාන්තාවක් විදිහටයි.
 
වෙන දෙයක් තියා වෛද්‍ය සායනවලට පවා ඈව එක්කන් යන බව තමයි යූරි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබුණේ.
 
කොහොම වුණත්, බෝනික්කෙකු හා විවාහ වුනු ලෝකයේ එකම පුද්ගලයා යූරි පමණක්ම නෙවෙයි. තවත් බොහෝ පිරිස් බෝනික්කන්ව සහකාරියන් කරගෙන අදටත් ජීවත් වෙනවා.
 
විදෙස් මාධ්‍ය ඇසුරිනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top